Skip to main content

CCNA R & S Introduction To Networks



Introduction To Networks  ජාලකරණට  හැඳින්වීමක්

1.    පරිගණක ජාලයක්  යනු කුමක්ද?
පරිගණක ජාලයක් යනු පුළුල් පරාසයක පරිශීලකයන් අතර (wide range of users) සන්නිවේදනය සහ සම්පත් බෙදා හැරීම ( resource-sharing) සඳහා සන්නිවේදන නාලිකා හරහා සම්බන්ධ කරගත් පරිගණක පද්ධති සහ වෙනත් පරිගණක දෘඩාංග උපාංග සමූහයකි.
ජාල සංරචක (Network Components)

පරිගණක ජාලයක  යටිතල ව්යුහය (network infrastructure) කාණ්ඩ තුනකින් සමන්විත වෙනවා. සරලවම කිව්වොත්  Computer network එකක් කොටස් තුනක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්.
                   
ඒවා නම් ,

·         Devices  (උපාංග)
·         Media  (මාද්‍ය)
·         Services (සේවා)

උපාංග සහ මාධ්ය (Devices and Media )

ජාලයේ භෞතික කොටස් හෝ දෘඩාංග ලෙස හදුනාගන්න පුළුවන් . දෘඩාංග (Hardware) නිතරම පරිගණක  ජාලයේ දෘශ්ය (ඇසට පෙනන ) සංරචක වේ.

උදාහරණ
Services (සේවා)

පාරිබෝගිකයන් විසින් එදිනෙදා භාවිතා කරන පොදු ජාල යෙදුම් (common network applications) ජාල  සේවාවන් ලෙස හැදින්න පුළුවන්.

උදාහරණ










End Devices

මිනිසුන්ට වඩාත්හුරුපුරුදු වන ජාල උපාංග හැඳින්වෙන්නේ End Devices ලෙසිනි. End Device එකක් යනු ජාලය හරහා සම්ප්රේෂණය වන පණිවුඩයේ ප්රභවය (Source) හෝ ගමනාන්තය (Destination)වේ. ජාලයක එක් එක් උපාංග වෙන වෙනම හඳුනාගැනීම සඳහා ලිපිනයක් තියනවා ඒ කියන්නේ අපි හැමෝටම Identity  Card Number එකක් තියනවා වගේ. End Device එකක් සන්නිවේදනය ආරම්භ කරන විට පණිවුඩය යැවිය යුත්තේ කොතැනද යන්න තීරණය කිරීම සඳහා ගමනාන්ත අන්තයේ  End Device එකේ  ලිපිනය භාවිතා කරනවා , හරියට අපි ලියුම් යවනවා වගේ. අපි මේ ගැන ඉස්සරහට ඉගනගන්න නිසා කලබල වෙන්න එපා End Device කියන එක මොකක්ද කියන එක තේරුම් ගත්තම දැනට ඇති .

උදාහරණ
Intermediary Network Devices

Intermediary Network Devices වලින් End Devices  ජාලයට සම්බන්ධ වන අතර ඉන් එක් එක්  ජාලයන් ද එකිනෙකට සම්බන්ධ කළ හැකිය.

පහතින් දැක්වෙන්නේ වල Intermediary Network Device කාර්යයන්ය,
උදාහරණ

Network Media

ජාලයක් හරහා සන්නිවේදනයට මාධ්යයක් අත්‍යවශ්‍ය වේ. පණිවුඩය, මූලාශ්රය සිට ගමනාන්තය දක්වා ගමන් කරන්නේ  මාද්‍ය හරහා  වේ . නවීන ජාලයන් ප්‍රධාන වශයෙන් මාධ්යයන් තුනක් භාවිතා කරනවා,
ඒවා නම් ,
  • Metallic wires within cables - data is encoded into electrical impulses (දත්ත විත්යුත් ආවේගයන් ලෙස කේතනය කරනු ලැබේ)
  • Glass or plastic fibers (fiber optic cable) - data is encoded as pulses of light (දත්ත ආලෝකයේ ස්පන්දන ලෙස කේතනය කරනු ලැබේ)
  • Wireless transmission - data is encoded using wavelengths from the electromagnetic spectrum (විද්යුත් චුම්භක වර්ණාවරණයෙන් තරංග ආයාම භාවිතා කරමින් දත්ත කේතනය කරනු ලැබේ)

විවිධ මාදිලියේ මාධ්ය , විවිධ ලක්ෂණ හා ප්රතිලාභ (different features and benefits) ලබා දේ . සෑම ජාල මාධ්යකම එකම ගති ලක්ෂණ නොමැති අතර එකම අරමුණක් සඳහා ඒ  සියල්ලම සුදුසු වන්නේ නැහැ.


මෙම පාඩමේ දෙවන කොටසින් හමුවෙමු.. ! 



යෝජනා චෝදනා අපහැදිලිතැන් තැන් තියනවනම් කියන්න . 



EASY TRICK
easytks@gmail.com

පුංචි ඉල්ලීමක් තියනවා යාලුවනේ අපිව subscribe කරන්න අමතක කරන්න එපා.

Like Us on  Facebook   
Please Subscribe on Youtube 





Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...

Introduction to Networks - Network Representations

Network Representations ජාලවල රූප සටහන් (Network Diagrams)  ඇදීමේදී ජාලයක් නිර්මාණය කරන විවිධ උපාංග (device and components) සහ සම්බන්දක (media)  නියෝජනය කිරීම සදහා බොහෝ විට සංකේත භාවිතා කරයි. විශාල ජාලයක් සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ජාලවල රූප සටහන් (Network Diagrams)  විශාල පහසුවක්. මේ වගේ network එකක පින්තුරයක් topology diagram එකක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙම නිරූපණයන්ට අමතරව, මෙම එක් එක් උපකරණ සහ මාධ්ය එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමේදී විෙශේෂිත පාරිභාෂිතයන් (specialized terminologies) භාවිතා කරනු ලබයි. මතක තබා ගැනීමට වැදගත් පද: • Network Interface Card NIC, හෝ LAN ඇඩප්ටරය, පරිගණකයේ හෝ වෙනත් අවසාන උපාංගයක ජාලයට සම්බන්ධතාව සපයයි.  පරිගණකය සම්බන්ධ කර ඇති ජාලයට සම්බන්ධ කරන මාධ්යය (උදා: UTP cable එකක්), NIC එකට කෙලින්ම සම්බන්ධ කල යුතු වේ. Physical Port මාධ්ය සම්බන්ධක උපාංගයක් .රුපයේ පෙන්නලා තියන USB සහ LAN/WAN port දිහා බලන්න. ඔයාල network cable එක plug කරන තැන තම physical port කියන්නේ.මෙතනphysical කියන එක...