Skip to main content

CCNA Routing and Switching




CCNA  Routing And Switching  පාඩම් මාලාවට යාළුවො හැමෝම  සාදරයෙන් පිළිගනු ලබනවා. මුලින්ම කියන්න ඕන මේ පාඩම් මාලාව සකස් කරන්න හේතුව. ඇත්තටම අපේ රටේ ගොඩක් අයට English වලින් තියන දේවල් තේරුම් ගන්න  අමාරුයි කියල අහන්න ලැබෙනවනේ. එක නිසා ගොඩක් අය English වලට අකමැති වගේම එන්ග්ලිෂ් වලින් උගන්වන අනිත් විෂයන් දිහා උනත් බලන්නේ වැරදි කෝණයකින්. ඇත්තටම එක ගොඩක් වැරදි වගේම English හදාගත්තේ නැත්තම් ලෝක අමාරුවක වැටෙන්නයි වෙන්නේ .දැන් ඔයාල හිතනවා ඇති CCNA පෙන්නලා English  Class එකක් කරන්න යනවා කියලා. ඉතින් තවත් කාලේ ගන්නේ නැතුව CCNA වලට බහිමුකො එහෙනම්..
මුලින්ම මම CCNA ගැන පොඩි හැදින්ව්මක් කරන්නම්කො.


1.       ඇත්තටම මොකක්ද මේ CCNA?


CISCO CERTIFIED NETWORK ASSOCIATE  එහෙමත් නැත්නම් CCNA කියල හදුන්වන්නේ Cisco ආයතනය විසින් පිරිනමනු ලබන තොරතුරු සන්නිවේදන තාක්ෂන (Information and  Communication Technology) විෂයට අදාළ  සහතිකයක් . ඇත්තටම කිව්වොත් CCNA කියන්නේ , නමේම තියනවා වගේ associate-level එකේ සහතිකයක්.




2.       එතකොට තවත් ලෙවල් තියනවද?

අපොයි ඔව්,  CCNA  කියන්නේ ප්‍රාථමික පන්ති වගේ. තව ගොඩක් ඉහලට යන්න පුළුවන්,






      



කියන්න අමතක උනානේ මොන්ටිස්සොරියකුත් තියනවා CCENT කියන්නේ එක තමා .ඒවා ගැන මම පස්සේ කියන්නම්කො . ඔය ත්‍රිකෝණයේ යට ඉදන් උඩට යනකොට අපේ ලෙවෙල් එකත් වැඩි වෙනවා.


3.       දැන් කොහොමද අපි ඕක ගන්නේ ?


හැම subject එකකම වගේ අප්‍රසන්නම අථ්දකීම මේකෙදිත් තියනවා. මේකෙත් Exam එකක් තියනවා.හැබැයි පුතේ ලෙසිනම් නැ, Online Exam එකක් තමා තියෙන්නේ.




මම මේ දැන් කියන්න යන්නේ  CCNA Routing and Switching Exam එක ගැන,
CCNA R&S සහතිකේ ගන්න නම් , ක්රම 2ක් තියනවා

a)      Cisco Certified Network Associate (CCNA) Routing and Switching composite exam (200-125)

මේ ඇවිල්ලා පුදපු ගමන් කාපු යකා වගේ එකපාර CCNA ගන්න exam එක.
මිනිත්තු 90 ක්  තියනවා , ප්‍රශ්න 5060 අතර ප්‍රමාණයක් එනවා  exam එකට, මෙන්න මේ Topics වලින් තමා ප්‍රශ්න හැදෙන්නේ  ,

·         Network fundamentals,
·         LAN switching technologies,
·         IPv4 and IPv6 routing technologies,
·         WAN technologies,
·         infrastructure services,
·         infrastructure security,
·         infrastructure management.


ඕවා දැනට තේරෙන එකක් නැ. පාඩම් ටික ඉවරඋනාම මටත් උගන්නයි කට්ටියම. එකම දේ අසාවෙන් පාඩම් කරන්න .

b)      The ICND1 Exam (100-105) and ICND2 Exam (200-105)


පුදපුගමන් කාපු යකා theory එක සෙට් වෙන් නැති අයට මේ Exam දෙක දෙපාරකට කරලා CCNA certified වෙන්නත් පුළුවන්. මම අර කලින් කියපු CCENT එක ICND1 Exam එක ලිව්වම ගන්නත්  පුළුවන්.



4. දැන් එතකොට Routing and Switching ඇර වෙන මොනාද තියෙන්නේ ?

එක එක ශේස්ත්‍ර ඔස්සේ තව කිහිපයක් තියනවා මෙන්න මේවා වගේ ,


මෙවගෙනුත් වෙන වෙනම අර ත්‍රිකෝණයේ තිබුනාවගේ ඉහලට යන්න පුළුවන්.




5.       කියක් විතර යයිද ?

මොන දේ කරන්න ගියත් ඉතින් සල්ලි නැතුව බෑනේ . මේ EXAM වල  ගාන කාලෙන් කාලෙට වෙනස් වෙනවා දැන් තියන ගණන් කියන්නම්. ඒ උනාට මේක බලන් ගිහින්  ගාන වැඩි උනොත් මටනම් බනින්න එපා එනිසා හොදට හොයල බලල යන්න.

o   Routing and Switching composite exam (200-125)  එකට $325 ක් යනවා
o   The ICND1 Exam (100-105) and ICND2 (200-105) එක Exam එකකට  $165 ක් වැය වෙනවා

ගාන අහල CCNA එපා උන අයත් ඇති. ගාන පස්සෙනේ මුලින් ඉගනගන ඉමුකො. කැතම සිද්දිය ඕක නෙවේ යාලුවනේ CCNA valid වෙන්නේ අවරුදු 3යි . ඊට පස්සේ ආයිමත් Exam කරන්න ඕන. දුක් වෙන්න එපා මොකද ඔයා CCNP වගේ ccna වලට වඩා ඉහල certification එකක් කලෙත් තව අවරුදු 3ක් ccna extend වෙනවා. පටන්ගත්තාම වැඩේ ලේසි යාලු බයවෙන්න ඕන නැ. එහෙනම් අදට මේ ඇති අපි පලවෙනි පාඩමෙන් හම්බෙමුකෝ......

Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...

CCNA R & S Introduction To Networks

Introduction To Networks   ජාලකරණට   හැඳින්වීමක් 1.     පරිගණක ජාලයක්  යනු කුමක්ද ? පරිගණක ජාලයක් යනු පුළුල් පරාසයක පරිශීලකයන් අතර ( wide range of users ) සන්නිවේදනය සහ සම්පත් බෙදා හැරීම (  resource-sharing ) සඳහා සන්නිවේදන නාලිකා හරහා සම්බන්ධ කරගත් පරිගණක පද්ධති සහ වෙනත් පරිගණක දෘඩාංග උපාංග සමූහයකි. ජාල සංරචක (Network Components) පරිගණක ජාලයක  යටිතල ව්යුහය ( network infrastructure ) කාණ්ඩ තුනකින් සමන්විත වෙනවා. සරලවම කිව්වොත්   Computer network එකක් කොටස් තුනක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්.                     ඒවා නම් , ·          Devices   (උපාංග) ·          Media   (මාද්‍ය) ·          Services (සේවා) උපාංග සහ මාධ්ය (Devices and Media ) ජාලයේ භෞතික කොටස් හෝ දෘඩාංග ලෙස හදුනාගන...

Introduction to Networks - Network Representations

Network Representations ජාලවල රූප සටහන් (Network Diagrams)  ඇදීමේදී ජාලයක් නිර්මාණය කරන විවිධ උපාංග (device and components) සහ සම්බන්දක (media)  නියෝජනය කිරීම සදහා බොහෝ විට සංකේත භාවිතා කරයි. විශාල ජාලයක් සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ජාලවල රූප සටහන් (Network Diagrams)  විශාල පහසුවක්. මේ වගේ network එකක පින්තුරයක් topology diagram එකක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙම නිරූපණයන්ට අමතරව, මෙම එක් එක් උපකරණ සහ මාධ්ය එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමේදී විෙශේෂිත පාරිභාෂිතයන් (specialized terminologies) භාවිතා කරනු ලබයි. මතක තබා ගැනීමට වැදගත් පද: • Network Interface Card NIC, හෝ LAN ඇඩප්ටරය, පරිගණකයේ හෝ වෙනත් අවසාන උපාංගයක ජාලයට සම්බන්ධතාව සපයයි.  පරිගණකය සම්බන්ධ කර ඇති ජාලයට සම්බන්ධ කරන මාධ්යය (උදා: UTP cable එකක්), NIC එකට කෙලින්ම සම්බන්ධ කල යුතු වේ. Physical Port මාධ්ය සම්බන්ධක උපාංගයක් .රුපයේ පෙන්නලා තියන USB සහ LAN/WAN port දිහා බලන්න. ඔයාල network cable එක plug කරන තැන තම physical port කියන්නේ.මෙතනphysical කියන එක...