Skip to main content

CCNA Routing and Switching




CCNA  Routing And Switching  පාඩම් මාලාවට යාළුවො හැමෝම  සාදරයෙන් පිළිගනු ලබනවා. මුලින්ම කියන්න ඕන මේ පාඩම් මාලාව සකස් කරන්න හේතුව. ඇත්තටම අපේ රටේ ගොඩක් අයට English වලින් තියන දේවල් තේරුම් ගන්න  අමාරුයි කියල අහන්න ලැබෙනවනේ. එක නිසා ගොඩක් අය English වලට අකමැති වගේම එන්ග්ලිෂ් වලින් උගන්වන අනිත් විෂයන් දිහා උනත් බලන්නේ වැරදි කෝණයකින්. ඇත්තටම එක ගොඩක් වැරදි වගේම English හදාගත්තේ නැත්තම් ලෝක අමාරුවක වැටෙන්නයි වෙන්නේ .දැන් ඔයාල හිතනවා ඇති CCNA පෙන්නලා English  Class එකක් කරන්න යනවා කියලා. ඉතින් තවත් කාලේ ගන්නේ නැතුව CCNA වලට බහිමුකො එහෙනම්..
මුලින්ම මම CCNA ගැන පොඩි හැදින්ව්මක් කරන්නම්කො.


1.       ඇත්තටම මොකක්ද මේ CCNA?


CISCO CERTIFIED NETWORK ASSOCIATE  එහෙමත් නැත්නම් CCNA කියල හදුන්වන්නේ Cisco ආයතනය විසින් පිරිනමනු ලබන තොරතුරු සන්නිවේදන තාක්ෂන (Information and  Communication Technology) විෂයට අදාළ  සහතිකයක් . ඇත්තටම කිව්වොත් CCNA කියන්නේ , නමේම තියනවා වගේ associate-level එකේ සහතිකයක්.




2.       එතකොට තවත් ලෙවල් තියනවද?

අපොයි ඔව්,  CCNA  කියන්නේ ප්‍රාථමික පන්ති වගේ. තව ගොඩක් ඉහලට යන්න පුළුවන්,






      



කියන්න අමතක උනානේ මොන්ටිස්සොරියකුත් තියනවා CCENT කියන්නේ එක තමා .ඒවා ගැන මම පස්සේ කියන්නම්කො . ඔය ත්‍රිකෝණයේ යට ඉදන් උඩට යනකොට අපේ ලෙවෙල් එකත් වැඩි වෙනවා.


3.       දැන් කොහොමද අපි ඕක ගන්නේ ?


හැම subject එකකම වගේ අප්‍රසන්නම අථ්දකීම මේකෙදිත් තියනවා. මේකෙත් Exam එකක් තියනවා.හැබැයි පුතේ ලෙසිනම් නැ, Online Exam එකක් තමා තියෙන්නේ.




මම මේ දැන් කියන්න යන්නේ  CCNA Routing and Switching Exam එක ගැන,
CCNA R&S සහතිකේ ගන්න නම් , ක්රම 2ක් තියනවා

a)      Cisco Certified Network Associate (CCNA) Routing and Switching composite exam (200-125)

මේ ඇවිල්ලා පුදපු ගමන් කාපු යකා වගේ එකපාර CCNA ගන්න exam එක.
මිනිත්තු 90 ක්  තියනවා , ප්‍රශ්න 5060 අතර ප්‍රමාණයක් එනවා  exam එකට, මෙන්න මේ Topics වලින් තමා ප්‍රශ්න හැදෙන්නේ  ,

·         Network fundamentals,
·         LAN switching technologies,
·         IPv4 and IPv6 routing technologies,
·         WAN technologies,
·         infrastructure services,
·         infrastructure security,
·         infrastructure management.


ඕවා දැනට තේරෙන එකක් නැ. පාඩම් ටික ඉවරඋනාම මටත් උගන්නයි කට්ටියම. එකම දේ අසාවෙන් පාඩම් කරන්න .

b)      The ICND1 Exam (100-105) and ICND2 Exam (200-105)


පුදපුගමන් කාපු යකා theory එක සෙට් වෙන් නැති අයට මේ Exam දෙක දෙපාරකට කරලා CCNA certified වෙන්නත් පුළුවන්. මම අර කලින් කියපු CCENT එක ICND1 Exam එක ලිව්වම ගන්නත්  පුළුවන්.



4. දැන් එතකොට Routing and Switching ඇර වෙන මොනාද තියෙන්නේ ?

එක එක ශේස්ත්‍ර ඔස්සේ තව කිහිපයක් තියනවා මෙන්න මේවා වගේ ,


මෙවගෙනුත් වෙන වෙනම අර ත්‍රිකෝණයේ තිබුනාවගේ ඉහලට යන්න පුළුවන්.




5.       කියක් විතර යයිද ?

මොන දේ කරන්න ගියත් ඉතින් සල්ලි නැතුව බෑනේ . මේ EXAM වල  ගාන කාලෙන් කාලෙට වෙනස් වෙනවා දැන් තියන ගණන් කියන්නම්. ඒ උනාට මේක බලන් ගිහින්  ගාන වැඩි උනොත් මටනම් බනින්න එපා එනිසා හොදට හොයල බලල යන්න.

o   Routing and Switching composite exam (200-125)  එකට $325 ක් යනවා
o   The ICND1 Exam (100-105) and ICND2 (200-105) එක Exam එකකට  $165 ක් වැය වෙනවා

ගාන අහල CCNA එපා උන අයත් ඇති. ගාන පස්සෙනේ මුලින් ඉගනගන ඉමුකො. කැතම සිද්දිය ඕක නෙවේ යාලුවනේ CCNA valid වෙන්නේ අවරුදු 3යි . ඊට පස්සේ ආයිමත් Exam කරන්න ඕන. දුක් වෙන්න එපා මොකද ඔයා CCNP වගේ ccna වලට වඩා ඉහල certification එකක් කලෙත් තව අවරුදු 3ක් ccna extend වෙනවා. පටන්ගත්තාම වැඩේ ලේසි යාලු බයවෙන්න ඕන නැ. එහෙනම් අදට මේ ඇති අපි පලවෙනි පාඩමෙන් හම්බෙමුකෝ......

Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...

Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද ?

         අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද කියන එක ගැන. ඊට කලින් කියන්නම්කො Windows Registery  එක කියන්නේ මොකක්ද කියලා. Registery එක කියන්නේ Computer එකේ හදවත වගේ කිව්වොත් මම හිතන්නේ මම නිවැරැදි , මොකද එතනින් පුලුවන් computer එකේ ගොඩක් වෙනස්කම් කරන්න. ඔයාට වෙන කිසිම තැනකින් කරන්න බැරි දේවල් ගොඩක් මෙතනින් කරන්න පුලුවන්. Registery එක හැදිල තියෙන්නේ Hierarchy එකකට අනුව යි. ප්‍රධාන වශයෙන් sections පහක් තියෙනවා ඒ යටතේ sub categories ගොඩක් අතුලේ Settings දසදහස් ගානක් තියෙනවා. ඔයාල ට GUI (Graphical  User Interface ) ඒකේ නොපෙන්නන Advanced  settings  ගොඩක් තියෙනවා ඒවගෙ වෙනස්කම් කරනහැටි දැනගන්න එක ගොඩක් වටිනාකමක් තියෙනවා. මේ පාඩම ගැන වැඩි විස්තර සදහා පහත Vedio එක බලන්න Registery එකේ ප්‍රධාන sections පහක් ගැන මම කිව්වනේ, ඒවා  හදුන්වනු ලබන නම තමා "Hives" අපි බලමු ඒ මොනාද කියලා.. Microsoft ල කියන ව්දියට Hive එකක් කියන්නේ... "A hive is a logical ...
  Computer Virus එකක් හදමු   අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ පුන්චි Virus program එකක් ලියා ගන්න විදිහ ගැන . ඊට කලින් කියන්නම්කො Computer Virus  එකක් කියන්නේ මොකක්ද කියලා . ගොඩක් අය මේ Virus කියන දේ දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවනම් මම කෙටියෙන් කියන්නම් .Virus එකක් කියන්නේ Malicious Software  program  එකක් . Virus එකක් execute උනාම (Run උනාම ) එයාට පුලුවන් තනියම පැතිරිලා යන්න ,Computer එකේ program modify කරන්න සහ virus එක විසින්ම විවිධ කේතයන් ඒ program වලට ඇතුළත් කරන්න . ගොඩක් වෙලාවට මේ Virus හදන්නේ තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්න හරි විනෝදය ට හරි වෙන්න පුලුවන් ඒ කොහොම උනත් Virus හදන එකනම් බොහොම නරක වැඩක් . Easytricks අපේ අරමුන ඔයාට Virus ගැන අවබෝධයක් ලබාදීම පමණයි . ඒ නිසා මේ පිටුවෙ පලවෙන Code පාවිච්චි කරල ඔයාල වැරැදි වැඩක් කලොත් අපි ඒකට වග නොකියන බවත් කියන්න ඔනි . අපි මේ Virus Program එක හදන්න පාවිච්ච් කරන්නේ Batch program එකක්. Batch program එකක් ...