Skip to main content

CCNA R&S (සිව්වැනි පාඩම)


Traditional Separate Networks

මේ ඉතින් මුලින්ම තිබ්බු ආදී කාලේ networks . මෙහිදී සෑම ජාලයක්ම සන්නිවේදන සංඥාවක් රැගෙන යාමට විවිධ තාක්ෂණයන් භාවිතා කරා. සෑම ජාලයක්ම සාර්ථක සන්නිවේදනයක් සහතික කිරීම සඳහා තමන්ට ආවේනික  නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කලා . අපි නිකමට උදාහරණයකට ගමු පරණ ගොඩනැගිල්ලක් ඒ ඒ ගොඩනැගිල්ලේ විවිද අංශ වල විවිද සේවා ජාල(service networks) පාවිච්චි කරනවා කියල හිතමු,( Ex:Data network , video streaming network , telephone)ඉතින් මේ විවිද  ජාල එකිනෙකින් පරිබාහිරව තමා ඉස්සර වැඩ කරේ මේ හැම එකක්ම එයාලට ආවේනික standards , protocols භාවිතා කරා.


The Converging Network
Dedicated Networks  වගේ නෙවේ දැන් , එකම ජාල ජාලයේ ගොඩක් services ලබා දෙනවා ඒ කියන්නේ අර කලින් ගොඩනැගිල්ලේ වෙන වෙනම separate වෙලා තිබ්බු ජාල සේවාවන් දැන් එකම ජාලයකට සම්බන්දවෙලා . මේ ජාල සාර්ථක සන්නිවේදනයක් සහතික කිරීම සඳහා පොදු නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කරනු ලබනවා.

 

Network Architecture (ජාල ආකෘතිය)


පරිශීලක අපේක්ෂාවන් සපුරාලීම සඳහා  අවශ්ය වන මූලික ලක්ෂණ හතරක් තිබෙනවා ,

·         Fault Tolerance
·         Scalability
·         Quality of Service (QoS)
·         Security


Fault Tolerance


Fault Tolerance Network එකක් කියල කියන්නේ, Failures  වීමේ බලපෑම සීමා කරන එකක් වන අතර, උපකරණ අවම සංක්‍යවකට බලපාන අයුරින්  මෙය සිදුකිරීමයි.ඒ වගේම තමා මොකක්හරි Failure එකක් උන ගමන් එය ඉතා ඉකමනින් යතා තත්වයට පත්කර ගැනීමටත් හැකිවෙන්න ඕන( Quick recovery when such a failure occurs). මේ වගේ network එකක් හදාගන්න නම් multipath කියන සංකල්පය භාවිතා කරන්න වෙනවා ඒ කියන්නේ Source එකයි Destination එකයි සම්බන්ද කරමින් path කිහිපයක් තිබෙනවා. එක path එකක් fail උනොත් අනිත් path එක හරහා සේවාවන් ලබාදෙන්න පුළුවන්. මෙම ක්‍රමවේදය redundancy නමින් හදුන්වනවා.

Packet-switched network  එකක් භාවිතා කිරීම තුලිනුත් Redundancy එක ආරක්ෂා කරගන්න පුළුවන්. මෙහිදී විද්යුත් තැපැල් පණිවිඩයක් හෝ වීඩියෝ පටයක් වැනි තනි පණිවුඩයක් පැකට් ලෙස හඳුන්වන multiple message blocks වලට කැඩීමකට ලක් කරන අතර සෑම පැකට්ටුවකම පණිවිඩයේ Source සහ Destination  හි අවශ්ය ලිපින තොරතුරු ඇත. ජාලය තුළ රවුටරය,එම මොහොතේ ජාලයේ තත්ත්වය අනුව පැකට්ටු බෙදාහැරීම් සිදුකරයි. මෙයින් අදහස් වන්නේ එකම පණිවුඩයක වුවද  සියලුම පැකට්ටු ගමනාන්තයට බොහෝ වෙනස් වෙනස්  මාර්ග ගත හැකි බවයි.

Scalability
 
පවත්නා ජාලයේ  පරිශිලකයන් වෙත ලබා දෙන සේවයේ ක්රියාකාරිත්වයට බලපෑමක් නොකර,  ජාලය නව පරිශීලකයින්ට සහ යෙදුම් සඳහා භාවිතා කල හැකිවන පරිදි  ඉක්මනින් ව්යාප්ත කළ හැකි බව මෙයින් අදහස් වේ.
 
 
 මෙම පාඩමේ ඉතිරි කොටස ඉදිරි පාඩම් වලදී බලාපොරොත්තු වන්න..

පස්වැනි පාඩමෙන් හමුවෙමු ...
අපිත් සමග දිගටම රැදීසිටින්න ,
Like Us on  Facebook  
EASY TRICK
easytks@gmail.com
පුංචි ඉල්ලීමක් තියනවා යාලුවනේ අපිව subscribe කරන්න අමතක කරන්න එපා.
Please Subscribe on Youtube 

Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...
  Computer Virus එකක් හදමු   අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ පුන්චි Virus program එකක් ලියා ගන්න විදිහ ගැන . ඊට කලින් කියන්නම්කො Computer Virus  එකක් කියන්නේ මොකක්ද කියලා . ගොඩක් අය මේ Virus කියන දේ දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවනම් මම කෙටියෙන් කියන්නම් .Virus එකක් කියන්නේ Malicious Software  program  එකක් . Virus එකක් execute උනාම (Run උනාම ) එයාට පුලුවන් තනියම පැතිරිලා යන්න ,Computer එකේ program modify කරන්න සහ virus එක විසින්ම විවිධ කේතයන් ඒ program වලට ඇතුළත් කරන්න . ගොඩක් වෙලාවට මේ Virus හදන්නේ තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්න හරි විනෝදය ට හරි වෙන්න පුලුවන් ඒ කොහොම උනත් Virus හදන එකනම් බොහොම නරක වැඩක් . Easytricks අපේ අරමුන ඔයාට Virus ගැන අවබෝධයක් ලබාදීම පමණයි . ඒ නිසා මේ පිටුවෙ පලවෙන Code පාවිච්චි කරල ඔයාල වැරැදි වැඩක් කලොත් අපි ඒකට වග නොකියන බවත් කියන්න ඔනි . අපි මේ Virus Program එක හදන්න පාවිච්ච් කරන්නේ Batch program එකක්. Batch program එකක් ...

CCNA R & S Introduction To Networks

Introduction To Networks   ජාලකරණට   හැඳින්වීමක් 1.     පරිගණක ජාලයක්  යනු කුමක්ද ? පරිගණක ජාලයක් යනු පුළුල් පරාසයක පරිශීලකයන් අතර ( wide range of users ) සන්නිවේදනය සහ සම්පත් බෙදා හැරීම (  resource-sharing ) සඳහා සන්නිවේදන නාලිකා හරහා සම්බන්ධ කරගත් පරිගණක පද්ධති සහ වෙනත් පරිගණක දෘඩාංග උපාංග සමූහයකි. ජාල සංරචක (Network Components) පරිගණක ජාලයක  යටිතල ව්යුහය ( network infrastructure ) කාණ්ඩ තුනකින් සමන්විත වෙනවා. සරලවම කිව්වොත්   Computer network එකක් කොටස් තුනක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්.                     ඒවා නම් , ·          Devices   (උපාංග) ·          Media   (මාද්‍ය) ·          Services (සේවා) උපාංග සහ මාධ්ය (Devices and Media ) ජාලයේ භෞතික කොටස් හෝ දෘඩාංග ලෙස හදුනාගන...