Skip to main content

Introduction to Networks - Network Representations





Network Representations


ජාලවල රූප සටහන් (Network Diagrams)  ඇදීමේදී ජාලයක් නිර්මාණය කරන විවිධ උපාංග (device and components) සහ සම්බන්දක (media)  නියෝජනය කිරීම සදහා බොහෝ විට සංකේත භාවිතා කරයි.



විශාල ජාලයක් සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ජාලවල රූප සටහන් (Network Diagrams)  විශාල පහසුවක්.

මේ වගේ network එකක පින්තුරයක් topology diagram එකක් ලෙස හදුන්වන්න පුළුවන්.




මෙම නිරූපණයන්ට අමතරව, මෙම එක් එක් උපකරණ සහ මාධ්ය එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමේදී විෙශේෂිත පාරිභාෂිතයන් (specialized terminologies) භාවිතා කරනු ලබයි.

මතක තබා ගැනීමට වැදගත් පද:

Network Interface Card


NIC, හෝ LAN ඇඩප්ටරය, පරිගණකයේ හෝ වෙනත් අවසාන උපාංගයක ජාලයට සම්බන්ධතාව සපයයි.  පරිගණකය සම්බන්ධ කර ඇති ජාලයට සම්බන්ධ කරන මාධ්යය (උදා: UTP cable එකක්), NIC එකට කෙලින්ම සම්බන්ධ කල යුතු වේ.


  • Physical Port

මාධ්ය සම්බන්ධක උපාංගයක් .රුපයේ පෙන්නලා තියන USB සහ LAN/WAN port දිහා බලන්න. ඔයාල network cable එක plug කරන තැන තම physical port කියන්නේ.මෙතනphysical කියන එක වැදගත් මොකද අපි තවත් port වර්ග කතා කරනවා ඒ තැන්වලදී මේ port එක්ක පටලවගන්න එපා .


  • Interface

එක් එක් ජාල සම්බන්ද කරන, a networking device එකක පවත්නා Specialized ports එකක් Interface එකක් ලෙස හදුන්වයි. ජාල අන්තර්සම්බන්ධනය ( network දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ද කරන්න ) සඳහා රවුටර භාවිතා කරනු ලබන බැවින්, රවුටරය මත ඇති ports ජාල අතුරු මුහුණත් ලෙස හැඳින්වේ.ඔය වචන දෙකම එකම තැන්වල යෙදෙනවා ඒ නිසා වැඩිය හිතන්න යන්න එපා.


Topology Diagrams

ජාලය සම්බන්ධ වන ආකාරය පිළිබඳ දෘශ්ය සිතියමක් සපයයි.

Topology Diagrams වර්ග දෙකක් ඇත,

  • Physical topology diagrams 

අතරමැදි උපකරණවල ( intermediary devices ) භෞතික පිහිටීම හඳුනා ගන්න භාවිතා වේ. ( උදා: අපි හිතමු බැංකුවක් ගැන , අපි network එකක් හදනවනම් බැංකුවට එකේ network device place  කරන තැන් අපි හිතන්න ඕන , counter එකට PC කියක් ත්යනවද , server එක තියන්නේ පහලම තට්ටුවේද? නැත්තම් manager ගේ කමරේද ? ඔයවගේ දේවල් අන්තර්ගත වෙලා තම මේ topoloy එක හැදිලා තියෙන්නේ )

  • Logical topology diagrams

devices, ports, සහ  addressing scheme යනාදිය හඳුනා ගන්න භාවිතා වේ. ( උද: අර බැංකුවේම manager ගේ PC එකේ IP Address එක මොකක්ද ?, CCTV system එක මොන network එකේද තියෙන්නේ ? manager ට Default Gateway වෙන්නේ කොයි router එකේ මොන interface එකද ? ඔයවගේ විස්තර ඇතුලත් වෙලා තම මේක හැදෙන්නේ )





Types of Networks

Network infrastructures පහත හේතු නිසා වෙනස්වෙන්න පුළුවන් ,

Size of the area covered ( ආවරණය කරන කලාපයේ විශාලත්වය)
Number of users connected ( පරිශීලකයන් ගණන )
Number and types of services available ( ලබාදෙන සේවා සහ ඒවායේ ප්‍රමාණ )
Area of responsibility (වගකීම )


Most common types of network infrastructures


Local Area Network (LAN)

 කුඩා භුමි ප්‍රදේශයකට සේවා සපයන ජාල මෙම ගණයට අයත් වේ.
Ex:  Small home network , Business , a Computer lab


Wide Area Network (WAN)

පුළුල් භූගෝලීය ප්රදේශයක් හරහා වෙනත් ජාලවලට ප්රවේශය ලබා දීමට භාවිත වන network infrastructure එකක් , විදුලි සංදේශ සේවා සැපයුම්කරු (telecommunications service provider) විසින් සාමාන්යයෙන් හිමිකාරීත්වය දරනු ලබයි.


Metropolitan Area Network (MAN)

LAN වලට වඩා විශාල එහෙත්  WAN වලට වඩා කුඩා භෞතික ප්රදේශයක් ආවරණය network infrastructures මෙම ගණයට අයත් වේ .
උද : පුළුල් සමාගමක ජාලයක්  (large organization)



Wireless LAN (WLAN)

LAN එකකට සමාන නමුත්, කුඩා භූගෝලීය ප්රදේශයකදී රැහැන් රහිතව පරිශීලකයින් හා End Points එකිනෙක සම්බන්ධ කරයි.

Storage Area Network (SAN)


ගොනු සේවාදායකයන්ට (support file servers )සහාය දැක්වීම සඳහා දත්ත ගබඩා කිරීම, ලබා ගැනීම හා ප්රතිගුණනය (data storage, retrieval, and replication) සැපයීම සඳහා භාවිතාවන network infrastructures මෙම ගණයට අයත් වේ


තෙවන පාඩමෙන් හමුවෙමු ...

අපිත් සමග දිගටම රදීසිටින්න ,

Like Us on  Facebook  
EASY TRICK

easytks@gmail.com

පුංචි ඉල්ලීමක් තියනවා යාලුවනේ අපිව subscribe කරන්න අමතක කරන්න එපා.

Please Subscribe on Youtube 


Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...
  Computer Virus එකක් හදමු   අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ පුන්චි Virus program එකක් ලියා ගන්න විදිහ ගැන . ඊට කලින් කියන්නම්කො Computer Virus  එකක් කියන්නේ මොකක්ද කියලා . ගොඩක් අය මේ Virus කියන දේ දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවනම් මම කෙටියෙන් කියන්නම් .Virus එකක් කියන්නේ Malicious Software  program  එකක් . Virus එකක් execute උනාම (Run උනාම ) එයාට පුලුවන් තනියම පැතිරිලා යන්න ,Computer එකේ program modify කරන්න සහ virus එක විසින්ම විවිධ කේතයන් ඒ program වලට ඇතුළත් කරන්න . ගොඩක් වෙලාවට මේ Virus හදන්නේ තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්න හරි විනෝදය ට හරි වෙන්න පුලුවන් ඒ කොහොම උනත් Virus හදන එකනම් බොහොම නරක වැඩක් . Easytricks අපේ අරමුන ඔයාට Virus ගැන අවබෝධයක් ලබාදීම පමණයි . ඒ නිසා මේ පිටුවෙ පලවෙන Code පාවිච්චි කරල ඔයාල වැරැදි වැඩක් කලොත් අපි ඒකට වග නොකියන බවත් කියන්න ඔනි . අපි මේ Virus Program එක හදන්න පාවිච්ච් කරන්නේ Batch program එකක්. Batch program එකක් ...

CCNA R&S (සිව්වැනි පාඩම)

Traditional Separate Networks මේ ඉතින් මුලින්ම තිබ්බු ආදී කාලේ networks . මෙහිදී සෑම ජාලයක්ම සන්නිවේදන සංඥාවක් රැගෙන යාමට විවිධ තාක්ෂණයන් භාවිතා කරා . සෑම ජාලයක්ම සාර්ථක සන්න ිවේදනයක් සහතික කිරීම සඳහා තමන්ට ආවේනික   නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කලා . අපි නිකමට උදාහරණයකට ගමු පරණ ගොඩනැගිල්ලක් ඒ ඒ ගොඩනැගිල්ලේ විවිද අංශ වල විවිද සේවා ජාල(service networks) පාවිච්චි කරනවා කියල හිතමු,( Ex:D ata network , video streaming network , telephone)ඉතින් මේ විවිද   ජාල එකිනෙකින් පරිබාහිරව තමා ඉස්සර වැඩ කරේ මේ හැම එකක්ම එයාලට ආවේනික standards , protocols භාවිතා කරා. The Converging Network Dedicated Networks   වගේ නෙවේ දැන් , එකම ජාල ජාලයේ ගොඩක් services ලබා දෙනවා ඒ කියන්නේ අර කලින් ගොඩනැගිල්ලේ වෙන වෙනම separate වෙලා තිබ්බු ජාල සේවාවන් දැන් එකම ජාලයකට සම්බන්දවෙලා . මේ ජාල සාර්ථක සන්නිවේදනයක් සහතික කිරීම සඳහා පොදු නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කරනු ලබනවා.   Network Architecture (ජාල ආකෘතිය) පරිශීලක අපේක්ෂාවන් සපුරාලීම සඳහා   අවශ්ය වන මූලි...