Skip to main content

Google වලින් පින්තුර හොරකමේ ගිහිනුත් ඉවරයි

ඉන්ටෙර්නෙට් කියන්නේ මොකද්ද ඇහුවොත් Google කියන අයත් අපි අතර ඉන්නවානේ. ඒ කියන්නේ  Google  ඒ තරම්ම අපිට සමීප වෙලා ඉවරයි. Google පාරිබෝගිකයින්ට එයාල ලබල දෙන  Services ගොඩාරියක් තියනව, ඒවා ගැනනම් අද කියන්නේ නැ. අද මම කියන්නේ මෙච්චරකල් තිබිල මේ ලගකදි අයින් කරපු google feature එකක්ගැන. 

Google සහ Getty Images යන ආයතන  multi-year global licensing partnership එකකට ඇතුළත් වෙලා සතියකට පස්සේ , ගූගල් සෙවුම් වේදිකාවේ (image search platform ) තියන  ' view image ' බොත්තම ඉවත් කරල තියනවා . ඒ වෙනුවට, පින්තූර අසළ ඇති නව විකල්පයන් ලෙස , සංචාරය, බෙදාගැනීම සහ සුරැකීම (Visit, share and save)කියල බොත්තම් ඇතුලත් කරලා තියනවා.


මේ වනකම්ම, රූපයේ රූපය මත ක්ලික් කිරීම මගින් රූපය විවෘත කරගත හැකි අතර වෙබ් අඩවියට පිවිසීමට වෙනමම බොත්තමක් තිබුනා. දැන්, පිංතූරයේ රූපය හෝ 'visit' බොත්තම ක්ලික් කරන විට,රූපය දර්ශණය වන වෙබ් අඩවිය වෙත පරිශීලකයා යොමු කරනවා. මෙම වෙනස්කම් මගින් මූලාශ්රය (source) සහ හිමිකම් (copyright information ) පිළිබඳ තොරතුරු ගැන පරිශීලකයා දැනුවත් වේවි කියන එකතමා බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත්, රූපයේ දකුණු ක්ලික් කිරීම මගින් අළුත් ටැබ් එකක් තෝරාගෙන ඒ  තුළ පූර්ණ-විශාල රූපය අඛණ්ඩව විවෘත කර ගත හැක. මෙම විකල්පය දිගටම කොපමණ කාලයක් ක්රියාත්මක කිරයිද  කියන එකනම් කියන්න දන්නේ නැ . ගූගල් විසින් Search by Image ' ඉවත් කර ඇතත් reverse image search දිගටම ක්රියාත්මක වේ.


මේ ගැන ගූගල් විසින් twiter පණිවිඩයක් නිකුත්කරමින් මෙසේ දක්වා තිබුනා  ,

https://twitter.com/searchliaison/status/964226180776845312/photo/1



මේකෙන් ඉතින් හෙනහුරා පාත් වෙන්නේ හදිස්සියේ Project report එකක් assignment එකක් කරගන්න ගියාම තමා . පින්තුර හොයාගන්න මුළු internet එකම පීරන්න වෙනවනේ. මේකට විකල්ප ටිකකුත් මම හොයල බැලුවා බලන්නකෝ ටෙස්ට් කරලා,


1. Yahoo image

ඔන්න ඉතින් යාහුලට දෙයියෝ බලල තියනවා, එයාල තාම ඒ feature එක අයින් කරලා නැ .


2. Yandex

මෙ තියෙන්නෙත් yahoo වගේම search engine එකක්.

https://yandex.com/images/


මේ වගේ තවත් අලුත් news දැනගන්න අපේ Facebook පිටුවට like එකක් දාල එකතුවෙන්න. 

Like Us on  Facebook  
EASY TRICK

easytks@gmail.com

පුංචි ඉල්ලීමක් තියනවා යාලුවනේ අපිව subscribe කරන්න අමතක කරන්න එපා.

Please Subscribe on Youtube 



Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...
  Computer Virus එකක් හදමු   අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ පුන්චි Virus program එකක් ලියා ගන්න විදිහ ගැන . ඊට කලින් කියන්නම්කො Computer Virus  එකක් කියන්නේ මොකක්ද කියලා . ගොඩක් අය මේ Virus කියන දේ දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවනම් මම කෙටියෙන් කියන්නම් .Virus එකක් කියන්නේ Malicious Software  program  එකක් . Virus එකක් execute උනාම (Run උනාම ) එයාට පුලුවන් තනියම පැතිරිලා යන්න ,Computer එකේ program modify කරන්න සහ virus එක විසින්ම විවිධ කේතයන් ඒ program වලට ඇතුළත් කරන්න . ගොඩක් වෙලාවට මේ Virus හදන්නේ තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්න හරි විනෝදය ට හරි වෙන්න පුලුවන් ඒ කොහොම උනත් Virus හදන එකනම් බොහොම නරක වැඩක් . Easytricks අපේ අරමුන ඔයාට Virus ගැන අවබෝධයක් ලබාදීම පමණයි . ඒ නිසා මේ පිටුවෙ පලවෙන Code පාවිච්චි කරල ඔයාල වැරැදි වැඩක් කලොත් අපි ඒකට වග නොකියන බවත් කියන්න ඔනි . අපි මේ Virus Program එක හදන්න පාවිච්ච් කරන්නේ Batch program එකක්. Batch program එකක් ...

CCNA R&S (සිව්වැනි පාඩම)

Traditional Separate Networks මේ ඉතින් මුලින්ම තිබ්බු ආදී කාලේ networks . මෙහිදී සෑම ජාලයක්ම සන්නිවේදන සංඥාවක් රැගෙන යාමට විවිධ තාක්ෂණයන් භාවිතා කරා . සෑම ජාලයක්ම සාර්ථක සන්න ිවේදනයක් සහතික කිරීම සඳහා තමන්ට ආවේනික   නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කලා . අපි නිකමට උදාහරණයකට ගමු පරණ ගොඩනැගිල්ලක් ඒ ඒ ගොඩනැගිල්ලේ විවිද අංශ වල විවිද සේවා ජාල(service networks) පාවිච්චි කරනවා කියල හිතමු,( Ex:D ata network , video streaming network , telephone)ඉතින් මේ විවිද   ජාල එකිනෙකින් පරිබාහිරව තමා ඉස්සර වැඩ කරේ මේ හැම එකක්ම එයාලට ආවේනික standards , protocols භාවිතා කරා. The Converging Network Dedicated Networks   වගේ නෙවේ දැන් , එකම ජාල ජාලයේ ගොඩක් services ලබා දෙනවා ඒ කියන්නේ අර කලින් ගොඩනැගිල්ලේ වෙන වෙනම separate වෙලා තිබ්බු ජාල සේවාවන් දැන් එකම ජාලයකට සම්බන්දවෙලා . මේ ජාල සාර්ථක සන්නිවේදනයක් සහතික කිරීම සඳහා පොදු නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කරනු ලබනවා.   Network Architecture (ජාල ආකෘතිය) පරිශීලක අපේක්ෂාවන් සපුරාලීම සඳහා   අවශ්ය වන මූලි...