Skip to main content

Google වලින් පින්තුර හොරකමේ ගිහිනුත් ඉවරයි

ඉන්ටෙර්නෙට් කියන්නේ මොකද්ද ඇහුවොත් Google කියන අයත් අපි අතර ඉන්නවානේ. ඒ කියන්නේ  Google  ඒ තරම්ම අපිට සමීප වෙලා ඉවරයි. Google පාරිබෝගිකයින්ට එයාල ලබල දෙන  Services ගොඩාරියක් තියනව, ඒවා ගැනනම් අද කියන්නේ නැ. අද මම කියන්නේ මෙච්චරකල් තිබිල මේ ලගකදි අයින් කරපු google feature එකක්ගැන. 

Google සහ Getty Images යන ආයතන  multi-year global licensing partnership එකකට ඇතුළත් වෙලා සතියකට පස්සේ , ගූගල් සෙවුම් වේදිකාවේ (image search platform ) තියන  ' view image ' බොත්තම ඉවත් කරල තියනවා . ඒ වෙනුවට, පින්තූර අසළ ඇති නව විකල්පයන් ලෙස , සංචාරය, බෙදාගැනීම සහ සුරැකීම (Visit, share and save)කියල බොත්තම් ඇතුලත් කරලා තියනවා.


මේ වනකම්ම, රූපයේ රූපය මත ක්ලික් කිරීම මගින් රූපය විවෘත කරගත හැකි අතර වෙබ් අඩවියට පිවිසීමට වෙනමම බොත්තමක් තිබුනා. දැන්, පිංතූරයේ රූපය හෝ 'visit' බොත්තම ක්ලික් කරන විට,රූපය දර්ශණය වන වෙබ් අඩවිය වෙත පරිශීලකයා යොමු කරනවා. මෙම වෙනස්කම් මගින් මූලාශ්රය (source) සහ හිමිකම් (copyright information ) පිළිබඳ තොරතුරු ගැන පරිශීලකයා දැනුවත් වේවි කියන එකතමා බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත්, රූපයේ දකුණු ක්ලික් කිරීම මගින් අළුත් ටැබ් එකක් තෝරාගෙන ඒ  තුළ පූර්ණ-විශාල රූපය අඛණ්ඩව විවෘත කර ගත හැක. මෙම විකල්පය දිගටම කොපමණ කාලයක් ක්රියාත්මක කිරයිද  කියන එකනම් කියන්න දන්නේ නැ . ගූගල් විසින් Search by Image ' ඉවත් කර ඇතත් reverse image search දිගටම ක්රියාත්මක වේ.


මේ ගැන ගූගල් විසින් twiter පණිවිඩයක් නිකුත්කරමින් මෙසේ දක්වා තිබුනා  ,

https://twitter.com/searchliaison/status/964226180776845312/photo/1



මේකෙන් ඉතින් හෙනහුරා පාත් වෙන්නේ හදිස්සියේ Project report එකක් assignment එකක් කරගන්න ගියාම තමා . පින්තුර හොයාගන්න මුළු internet එකම පීරන්න වෙනවනේ. මේකට විකල්ප ටිකකුත් මම හොයල බැලුවා බලන්නකෝ ටෙස්ට් කරලා,


1. Yahoo image

ඔන්න ඉතින් යාහුලට දෙයියෝ බලල තියනවා, එයාල තාම ඒ feature එක අයින් කරලා නැ .


2. Yandex

මෙ තියෙන්නෙත් yahoo වගේම search engine එකක්.

https://yandex.com/images/


මේ වගේ තවත් අලුත් news දැනගන්න අපේ Facebook පිටුවට like එකක් දාල එකතුවෙන්න. 

Like Us on  Facebook  
EASY TRICK

easytks@gmail.com

පුංචි ඉල්ලීමක් තියනවා යාලුවනේ අපිව subscribe කරන්න අමතක කරන්න එපා.

Please Subscribe on Youtube 



Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...

Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද ?

         අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද කියන එක ගැන. ඊට කලින් කියන්නම්කො Windows Registery  එක කියන්නේ මොකක්ද කියලා. Registery එක කියන්නේ Computer එකේ හදවත වගේ කිව්වොත් මම හිතන්නේ මම නිවැරැදි , මොකද එතනින් පුලුවන් computer එකේ ගොඩක් වෙනස්කම් කරන්න. ඔයාට වෙන කිසිම තැනකින් කරන්න බැරි දේවල් ගොඩක් මෙතනින් කරන්න පුලුවන්. Registery එක හැදිල තියෙන්නේ Hierarchy එකකට අනුව යි. ප්‍රධාන වශයෙන් sections පහක් තියෙනවා ඒ යටතේ sub categories ගොඩක් අතුලේ Settings දසදහස් ගානක් තියෙනවා. ඔයාල ට GUI (Graphical  User Interface ) ඒකේ නොපෙන්නන Advanced  settings  ගොඩක් තියෙනවා ඒවගෙ වෙනස්කම් කරනහැටි දැනගන්න එක ගොඩක් වටිනාකමක් තියෙනවා. මේ පාඩම ගැන වැඩි විස්තර සදහා පහත Vedio එක බලන්න Registery එකේ ප්‍රධාන sections පහක් ගැන මම කිව්වනේ, ඒවා  හදුන්වනු ලබන නම තමා "Hives" අපි බලමු ඒ මොනාද කියලා.. Microsoft ල කියන ව්දියට Hive එකක් කියන්නේ... "A hive is a logical ...
  Computer Virus එකක් හදමු   අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ පුන්චි Virus program එකක් ලියා ගන්න විදිහ ගැන . ඊට කලින් කියන්නම්කො Computer Virus  එකක් කියන්නේ මොකක්ද කියලා . ගොඩක් අය මේ Virus කියන දේ දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවනම් මම කෙටියෙන් කියන්නම් .Virus එකක් කියන්නේ Malicious Software  program  එකක් . Virus එකක් execute උනාම (Run උනාම ) එයාට පුලුවන් තනියම පැතිරිලා යන්න ,Computer එකේ program modify කරන්න සහ virus එක විසින්ම විවිධ කේතයන් ඒ program වලට ඇතුළත් කරන්න . ගොඩක් වෙලාවට මේ Virus හදන්නේ තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්න හරි විනෝදය ට හරි වෙන්න පුලුවන් ඒ කොහොම උනත් Virus හදන එකනම් බොහොම නරක වැඩක් . Easytricks අපේ අරමුන ඔයාට Virus ගැන අවබෝධයක් ලබාදීම පමණයි . ඒ නිසා මේ පිටුවෙ පලවෙන Code පාවිච්චි කරල ඔයාල වැරැදි වැඩක් කලොත් අපි ඒකට වග නොකියන බවත් කියන්න ඔනි . අපි මේ Virus Program එක හදන්න පාවිච්ච් කරන්නේ Batch program එකක්. Batch program එකක් ...