Skip to main content

 

Computer Virus එකක් හදමු 




අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ පුන්චි Virus program එකක් ලියා ගන්න විදිහ ගැන. ඊට කලින් කියන්නම්කො Computer Virus  එකක් කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය මේ Virus කියන දේ දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවනම් මම කෙටියෙන් කියන්නම්.Virus එකක් කියන්නේ Malicious Software  program  එකක්. Virus එකක් execute උනාම (Run උනාම) එයාට පුලුවන් තනියම පැතිරිලා යන්න ,Computer එකේ program modify කරන්න සහ virus එක විසින්ම විවිධ කේතයන් program වලට ඇතුළත් කරන්න. ගොඩක් වෙලාවට මේ Virus හදන්නේ තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්න හරි විනෝදය හරි වෙන්න පුලුවන් කොහොම උනත් Virus හදන එකනම් බොහොම නරක වැඩක්. Easytricks අපේ අරමුන ඔයාට Virus ගැන අවබෝධයක් ලබාදීම පමණයි. නිසා මේ පිටුවෙ පලවෙන Code පාවිච්චි කරල ඔයාල වැරැදි වැඩක් කලොත් අපි ඒකට වග නොකියන බවත් කියන්න ඔනි.

අපි මේ Virus Program එක හදන්න පාවිච්ච් කරන්නේ Batch program එකක්. Batch program එකක් කියන්නේ Script file වර්ගයක් වින්ඩෝස් වලම තියන. ඇත්තටම කිව්වොත් Batch file එකක් කියන්නේ අනුපිළිවෙළින් සකස් කරපු Commands ටිකක්. මෙව plain text ව්දියටමයි තියෙන්නේ. ඔයාල දැකල අති .bat , .cmd , .btm වගේ File Extension වලින් වින්ඩෝස් වල තියන files. අන්න ඒ වගේ ෆයිල්ස් තමා batch script එකක් කියන්නේ..




මේ Commands ගැන සහ Virus එක run වෙන විදිය ගැන වැඩි විස්තර සදහා පහත Video එක බලන්න







Batch file එකක් හදාගන්න අපිට Notepad එක පාවිච්චි කරන්න පුලුවන්.

Step 1

මුලින්ම Notepad එක open කරගන්න.


Notepad එක open කරන්න ගොඩක් ක්‍රම තියෙනවා මම ඒ සේරම විස්තර කරන්නනම් යන්නේ නැහැ.
ටාස්ක් බාර් එකේ තියන Start button එක ක්ලික් කරල Notepad කියල ටයිප් කරාම Notepad එක පෙන්නුම් කරනවා. එක උඩ click කරන්න.

Step 2

ඊට  පසුව  පහලින් තියන Text එක notepad එකට copy කරන්න.
@echo off
Rem This is an example of a simple virus
color a
echo Simple Example
echo EasyTricks
echo Educational purpose only
cd %homepath%
cd Desktop
set VAL=100
md %VAL%
:Loop
set /a VAL=%VAL%+1
md %VAL%
goto loop
pause

Step 3

දැන් මේ text එක Virus.bat කියල Desktop එකේ save කරගන්න.

File >> Save as  >> Desktop >> Virus.bat

Step 4

දැන් හදාගත්ත program එක උඩ double click කරල බලන්න.හැබැයි මතක ඇතුව ඔයා program එක run කරපු ගමන් cut කරන්න නැත්තම් දිගටම Folders create වේව තියේවි. Video එක බලන්නකෝ එතකොට පැහැදිලි වේවී.

මෙතනින් අවශ්‍ය කරන Files  බාගත කරගන්න...

https://drive.google.com/file/d/0B12Cgqd5EgU-VUlWS2FocThwdTQ/view

Final Result 

මෙන්න මේ වගේ ඔයාගේ Desktop එකෙත් Folder ගොඩාක් හැදේවි.



Easytricks තුලින් Batch file ගැන Tutorial එකක් ඉස්සරහට ඉදිරිපත් කරන්නනම් කෝ... 










Comments

Post a Comment

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Ass...

CCNA R & S Introduction To Networks

Introduction To Networks   ජාලකරණට   හැඳින්වීමක් 1.     පරිගණක ජාලයක්  යනු කුමක්ද ? පරිගණක ජාලයක් යනු පුළුල් පරාසයක පරිශීලකයන් අතර ( wide range of users ) සන්නිවේදනය සහ සම්පත් බෙදා හැරීම (  resource-sharing ) සඳහා සන්නිවේදන නාලිකා හරහා සම්බන්ධ කරගත් පරිගණක පද්ධති සහ වෙනත් පරිගණක දෘඩාංග උපාංග සමූහයකි. ජාල සංරචක (Network Components) පරිගණක ජාලයක  යටිතල ව්යුහය ( network infrastructure ) කාණ්ඩ තුනකින් සමන්විත වෙනවා. සරලවම කිව්වොත්   Computer network එකක් කොටස් තුනක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්.                     ඒවා නම් , ·          Devices   (උපාංග) ·          Media   (මාද්‍ය) ·          Services (සේවා) උපාංග සහ මාධ්ය (Devices and Media ) ජාලයේ භෞතික කොටස් හෝ දෘඩාංග ලෙස හදුනාගන...

Introduction to Networks - Network Representations

Network Representations ජාලවල රූප සටහන් (Network Diagrams)  ඇදීමේදී ජාලයක් නිර්මාණය කරන විවිධ උපාංග (device and components) සහ සම්බන්දක (media)  නියෝජනය කිරීම සදහා බොහෝ විට සංකේත භාවිතා කරයි. විශාල ජාලයක් සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ජාලවල රූප සටහන් (Network Diagrams)  විශාල පහසුවක්. මේ වගේ network එකක පින්තුරයක් topology diagram එකක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙම නිරූපණයන්ට අමතරව, මෙම එක් එක් උපකරණ සහ මාධ්ය එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමේදී විෙශේෂිත පාරිභාෂිතයන් (specialized terminologies) භාවිතා කරනු ලබයි. මතක තබා ගැනීමට වැදගත් පද: • Network Interface Card NIC, හෝ LAN ඇඩප්ටරය, පරිගණකයේ හෝ වෙනත් අවසාන උපාංගයක ජාලයට සම්බන්ධතාව සපයයි.  පරිගණකය සම්බන්ධ කර ඇති ජාලයට සම්බන්ධ කරන මාධ්යය (උදා: UTP cable එකක්), NIC එකට කෙලින්ම සම්බන්ධ කල යුතු වේ. Physical Port මාධ්ය සම්බන්ධක උපාංගයක් .රුපයේ පෙන්නලා තියන USB සහ LAN/WAN port දිහා බලන්න. ඔයාල network cable එක plug කරන තැන තම physical port කියන්නේ.මෙතනphysical කියන එක...