Skip to main content

Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද ?

     


   අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද කියන එක ගැන. ඊට කලින් කියන්නම්කො Windows Registery  එක කියන්නේ මොකක්ද කියලා. Registery එක කියන්නේ Computer එකේ හදවත වගේ කිව්වොත් මම හිතන්නේ මම නිවැරැදි , මොකද එතනින් පුලුවන් computer එකේ ගොඩක් වෙනස්කම් කරන්න. ඔයාට වෙන කිසිම තැනකින් කරන්න බැරි දේවල් ගොඩක් මෙතනින් කරන්න පුලුවන්. Registery එක හැදිල තියෙන්නේ Hierarchy එකකට අනුව යි. ප්‍රධාන වශයෙන් sections පහක් තියෙනවා ඒ යටතේ sub categories ගොඩක් අතුලේ Settings දසදහස් ගානක් තියෙනවා. ඔයාල ට GUI (Graphical  User Interface ) ඒකේ නොපෙන්නන Advanced  settings  ගොඩක් තියෙනවා ඒවගෙ වෙනස්කම් කරනහැටි දැනගන්න එක ගොඩක් වටිනාකමක් තියෙනවා.

මේ පාඩම ගැන වැඩි විස්තර සදහා පහත Vedio එක බලන්න









Registery එකේ ප්‍රධාන sections පහක් ගැන මම කිව්වනේ, ඒවා  හදුන්වනු ලබන නම තමා "Hives" අපි බලමු ඒ මොනාද කියලා..


Microsoft ල කියන ව්දියට Hive එකක් කියන්නේ...
"A hive is a logical group of keys, subkeys, and values in the registry that has a set of supporting files containing backups of its data"

මේ තියෙන්නේ මම කලින් කිව්ව Hives පහ,

  • HKEY_LOCAL_MACHINE 
  • HKEY_CURRENT_CONFIG 
  • HKEY_CLASSES_ROOT 
  • HKEY_CURRENT_USER 
  • HKEY_USERS 

        Hives එක එකක් වෙනස් වෙනස් වැඩ තමා කරන්නේ අද අපි බලමු HKEY_CURRENT_USER  කියන්නේ මොකක්ද කියලා. මේ Hive එකෙ තියෙන්නේ  අපි දැන් logging වෙලා ඉන්න User account එකට අදාල settings. ඒ කියන්නේ installed printers, desktop wallpaper, display settings, environment variableskeyboard layout, mapped network drivenstalled printers, desktop wallpaper, display settings, environment variableskeyboard layout, mapped network drive වගේ user level එකේ Settings තමා මෙයා තියන් ඉන්නේ. අද අපි මේ ගැන අවබෝධයක් ගන්නත් එක්ක මේ Hive එකේ Changes කිහිපයක් කරල බලමු .
       
         Registry එක කියන්නේ ගොඩක් Critical තැනක් නිසා මේ පිටුවෙ පලවෙන Code පාවිච්චි කරන්න යද්දි ඔයාල අතින් සිදුවන අතපසු වීමක් නිසා පරිගණකය ට හානියක් උනොත් අපි ඒකට වග නොකියන බවත් කියන්න ඔනි.

         මම අද පෙන්නන්න යන්නේ ඔයාලට, Windows Registery එක පාවිච්චි කරල windows වල screen  saver එකක වෙනස්කම් කරන්නේ කොහොමද  කියලා මම එකට පාවිච්ච් කරන්නේ bubbles කියන    screen  saver එක ,

Right Click On Desktop >> Personalization>>Screen Saver>>Bubbles


          ඔයාල මේ පින්තුරේ පෙන්නන විදියට Settings  ගියාට ඔයාට එකේ වෙනස්කම් කරන්න දෙන්නේ නැහැ .
නමුත් අපි registy එක පාවිච්චි කරලා ,

1. shadows  enable  සහ desable  කිරීම
2. solid bubbles හදාගැනීම

ගැන කතා කරමු


Step 1
මුලින්ම Run වින්ඩො එක open කරන්න



Step 2
ඊට පස්සේ regedit කියන code එක type කරල Enter කරන්න


Step 3
දැන් Arow keys පාවිච්ච් කරල මේ path එකට යන්න



Step 4
දැන් right click කරල අලුතින් DWORD
Key 2 හදන්න.

1. MaterialGlass
2. ShowShadows













රීට පස්සේ ඒවාට 1 , 0 values set  කරමින් වෙනස්කම් නිරීක්ශනය කරන්න 



මෙන්න මේ වගේ Result  එකක් ඔයාලට ලැබේවි.


Easytricks තුලින් Registery එක ගැන Tutorial එකක් ඉස්සරහට ඉදිරිපත් කරන්නනම් කෝ...










Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Assigned Names an

How To Make Changes In The Computer Using Windows Registry ?

             Today through EasyTricks we're going to learn how to use the Windows Registry and how to make changes in the computer. Before that I'll tell you what Windows Registry is. Registry is like the heart of the computer, I think I'm correct, because there's a lot of things can do on the computer using registry. You can do a lot of things that you can not do elsewhere. The registry is based on a Hierarchy. There are five sections in the main. There are tens of thousands of sub-categories in a lot of sub categories. There are many advanced settings that do not appear in the graphical user interface. It's important to know about those settings. For more information about this lesson, see the Video  below Five main sections of the registry, are called  "Hives". According to Microsoft,  "A hive is a logical group of keys, subkeys, and values in the registry that has a set of supporting files containing backups of its dat