Skip to main content

Posts

CCNA R&S (සිව්වැනි පාඩම)

Traditional Separate Networks මේ ඉතින් මුලින්ම තිබ්බු ආදී කාලේ networks . මෙහිදී සෑම ජාලයක්ම සන්නිවේදන සංඥාවක් රැගෙන යාමට විවිධ තාක්ෂණයන් භාවිතා කරා . සෑම ජාලයක්ම සාර්ථක සන්න ිවේදනයක් සහතික කිරීම සඳහා තමන්ට ආවේනික   නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කලා . අපි නිකමට උදාහරණයකට ගමු පරණ ගොඩනැගිල්ලක් ඒ ඒ ගොඩනැගිල්ලේ විවිද අංශ වල විවිද සේවා ජාල(service networks) පාවිච්චි කරනවා කියල හිතමු,( Ex:D ata network , video streaming network , telephone)ඉතින් මේ විවිද   ජාල එකිනෙකින් පරිබාහිරව තමා ඉස්සර වැඩ කරේ මේ හැම එකක්ම එයාලට ආවේනික standards , protocols භාවිතා කරා. The Converging Network Dedicated Networks   වගේ නෙවේ දැන් , එකම ජාල ජාලයේ ගොඩක් services ලබා දෙනවා ඒ කියන්නේ අර කලින් ගොඩනැගිල්ලේ වෙන වෙනම separate වෙලා තිබ්බු ජාල සේවාවන් දැන් එකම ජාලයකට සම්බන්දවෙලා . මේ ජාල සාර්ථක සන්නිවේදනයක් සහතික කිරීම සඳහා පොදු නීති සහ ප්රමිති මාලාවක් භාවිතා කරනු ලබනවා.   Network Architecture (ජාල ආකෘතිය) පරිශීලක අපේක්ෂාවන් සපුරාලීම සඳහා   අවශ්ය වන මූලික ලක්ෂණ හතරක් තිබෙනවා ,
Recent posts

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Assigned Names an

Introduction to Networks - Network Representations

Network Representations ජාලවල රූප සටහන් (Network Diagrams)  ඇදීමේදී ජාලයක් නිර්මාණය කරන විවිධ උපාංග (device and components) සහ සම්බන්දක (media)  නියෝජනය කිරීම සදහා බොහෝ විට සංකේත භාවිතා කරයි. විශාල ජාලයක් සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ජාලවල රූප සටහන් (Network Diagrams)  විශාල පහසුවක්. මේ වගේ network එකක පින්තුරයක් topology diagram එකක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙම නිරූපණයන්ට අමතරව, මෙම එක් එක් උපකරණ සහ මාධ්ය එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමේදී විෙශේෂිත පාරිභාෂිතයන් (specialized terminologies) භාවිතා කරනු ලබයි. මතක තබා ගැනීමට වැදගත් පද: • Network Interface Card NIC, හෝ LAN ඇඩප්ටරය, පරිගණකයේ හෝ වෙනත් අවසාන උපාංගයක ජාලයට සම්බන්ධතාව සපයයි.  පරිගණකය සම්බන්ධ කර ඇති ජාලයට සම්බන්ධ කරන මාධ්යය (උදා: UTP cable එකක්), NIC එකට කෙලින්ම සම්බන්ධ කල යුතු වේ. Physical Port මාධ්ය සම්බන්ධක උපාංගයක් .රුපයේ පෙන්නලා තියන USB සහ LAN/WAN port දිහා බලන්න. ඔයාල network cable එක plug කරන තැන තම physical port කියන්නේ.මෙතනphysical කියන එක වැදගත් මොකද අපි තව

Google වලින් පින්තුර හොරකමේ ගිහිනුත් ඉවරයි

ඉන්ටෙර්නෙට් කියන්නේ මොකද්ද ඇහුවොත් Google කියන අයත් අපි අතර ඉන්නවානේ. ඒ කියන්නේ  Google  ඒ තරම්ම අපිට සමීප වෙලා ඉවරයි. Google පාරිබෝගිකයින්ට එයාල ලබල දෙන  Services ගොඩාරියක් තියනව, ඒවා ගැනනම් අද කියන්නේ නැ. අද මම කියන්නේ මෙච්චරකල් තිබිල මේ ලගකදි අයින් කරපු google feature එකක්ගැන.  Google සහ Getty Images යන ආයතන  multi-year global licensing partnership එකකට ඇතුළත් වෙලා සතියකට පස්සේ , ගූගල් සෙවුම් වේදිකාවේ (image search platform ) තියන  ' view image ' බොත්තම ඉවත් කරල තියනවා . ඒ වෙනුවට, පින්තූර අසළ ඇති නව විකල්පයන් ලෙස , සංචාරය, බෙදාගැනීම සහ සුරැකීම (Visit, share and save)කියල බොත්තම් ඇතුලත් කරලා තියනවා. මේ වනකම්ම, රූපයේ රූපය මත ක්ලික් කිරීම මගින් රූපය විවෘත කරගත හැකි අතර වෙබ් අඩවියට පිවිසීමට වෙනමම බොත්තමක් තිබුනා. දැන්, පිංතූරයේ රූපය හෝ 'visit' බොත්තම ක්ලික් කරන විට,රූපය දර්ශණය වන වෙබ් අඩවිය වෙත පරිශීලකයා යොමු කරනවා. මෙම වෙනස්කම් මගින් මූලාශ්රය (source) සහ හිමිකම් (copyright information ) පිළිබඳ තොරතුරු ගැන පරිශීලකයා දැනුවත් වේවි කියන එකතමා බලාපොරොත්තු වෙන්නේ.

CCNA R & S Introduction To Networks

Introduction To Networks   ජාලකරණට   හැඳින්වීමක් 1.     පරිගණක ජාලයක්  යනු කුමක්ද ? පරිගණක ජාලයක් යනු පුළුල් පරාසයක පරිශීලකයන් අතර ( wide range of users ) සන්නිවේදනය සහ සම්පත් බෙදා හැරීම (  resource-sharing ) සඳහා සන්නිවේදන නාලිකා හරහා සම්බන්ධ කරගත් පරිගණක පද්ධති සහ වෙනත් පරිගණක දෘඩාංග උපාංග සමූහයකි. ජාල සංරචක (Network Components) පරිගණක ජාලයක  යටිතල ව්යුහය ( network infrastructure ) කාණ්ඩ තුනකින් සමන්විත වෙනවා. සරලවම කිව්වොත්   Computer network එකක් කොටස් තුනක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්.                     ඒවා නම් , ·          Devices   (උපාංග) ·          Media   (මාද්‍ය) ·          Services (සේවා) උපාංග සහ මාධ්ය (Devices and Media ) ජාලයේ භෞතික කොටස් හෝ දෘඩාංග ලෙස හදුනාගන්න පුළුවන් . දෘඩාංග ( Hardware ) නිතරම පරිගණක   ජාලයේ දෘශ්ය (ඇසට පෙනන ) සංරචක වේ. උදාහරණ Services  (සේවා) පාරිබෝගිකයන් විසින් එදිනෙදා භාවිතා කරන පොදු ජාල යෙදුම් ( common network applications ) ජාල   සේවාවන් ලෙස හැදින්න පුළුවන්. උදාහරණ