Skip to main content

Introduction to Networks - Network Representations





Network Representations


ජාලවල රූප සටහන් (Network Diagrams)  ඇදීමේදී ජාලයක් නිර්මාණය කරන විවිධ උපාංග (device and components) සහ සම්බන්දක (media)  නියෝජනය කිරීම සදහා බොහෝ විට සංකේත භාවිතා කරයි.



විශාල ජාලයක් සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ජාලවල රූප සටහන් (Network Diagrams)  විශාල පහසුවක්.

මේ වගේ network එකක පින්තුරයක් topology diagram එකක් ලෙස හදුන්වන්න පුළුවන්.




මෙම නිරූපණයන්ට අමතරව, මෙම එක් එක් උපකරණ සහ මාධ්ය එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමේදී විෙශේෂිත පාරිභාෂිතයන් (specialized terminologies) භාවිතා කරනු ලබයි.

මතක තබා ගැනීමට වැදගත් පද:

Network Interface Card


NIC, හෝ LAN ඇඩප්ටරය, පරිගණකයේ හෝ වෙනත් අවසාන උපාංගයක ජාලයට සම්බන්ධතාව සපයයි.  පරිගණකය සම්බන්ධ කර ඇති ජාලයට සම්බන්ධ කරන මාධ්යය (උදා: UTP cable එකක්), NIC එකට කෙලින්ම සම්බන්ධ කල යුතු වේ.


  • Physical Port

මාධ්ය සම්බන්ධක උපාංගයක් .රුපයේ පෙන්නලා තියන USB සහ LAN/WAN port දිහා බලන්න. ඔයාල network cable එක plug කරන තැන තම physical port කියන්නේ.මෙතනphysical කියන එක වැදගත් මොකද අපි තවත් port වර්ග කතා කරනවා ඒ තැන්වලදී මේ port එක්ක පටලවගන්න එපා .


  • Interface

එක් එක් ජාල සම්බන්ද කරන, a networking device එකක පවත්නා Specialized ports එකක් Interface එකක් ලෙස හදුන්වයි. ජාල අන්තර්සම්බන්ධනය ( network දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ද කරන්න ) සඳහා රවුටර භාවිතා කරනු ලබන බැවින්, රවුටරය මත ඇති ports ජාල අතුරු මුහුණත් ලෙස හැඳින්වේ.ඔය වචන දෙකම එකම තැන්වල යෙදෙනවා ඒ නිසා වැඩිය හිතන්න යන්න එපා.


Topology Diagrams

ජාලය සම්බන්ධ වන ආකාරය පිළිබඳ දෘශ්ය සිතියමක් සපයයි.

Topology Diagrams වර්ග දෙකක් ඇත,

  • Physical topology diagrams 

අතරමැදි උපකරණවල ( intermediary devices ) භෞතික පිහිටීම හඳුනා ගන්න භාවිතා වේ. ( උදා: අපි හිතමු බැංකුවක් ගැන , අපි network එකක් හදනවනම් බැංකුවට එකේ network device place  කරන තැන් අපි හිතන්න ඕන , counter එකට PC කියක් ත්යනවද , server එක තියන්නේ පහලම තට්ටුවේද? නැත්තම් manager ගේ කමරේද ? ඔයවගේ දේවල් අන්තර්ගත වෙලා තම මේ topoloy එක හැදිලා තියෙන්නේ )

  • Logical topology diagrams

devices, ports, සහ  addressing scheme යනාදිය හඳුනා ගන්න භාවිතා වේ. ( උද: අර බැංකුවේම manager ගේ PC එකේ IP Address එක මොකක්ද ?, CCTV system එක මොන network එකේද තියෙන්නේ ? manager ට Default Gateway වෙන්නේ කොයි router එකේ මොන interface එකද ? ඔයවගේ විස්තර ඇතුලත් වෙලා තම මේක හැදෙන්නේ )





Types of Networks

Network infrastructures පහත හේතු නිසා වෙනස්වෙන්න පුළුවන් ,

Size of the area covered ( ආවරණය කරන කලාපයේ විශාලත්වය)
Number of users connected ( පරිශීලකයන් ගණන )
Number and types of services available ( ලබාදෙන සේවා සහ ඒවායේ ප්‍රමාණ )
Area of responsibility (වගකීම )


Most common types of network infrastructures


Local Area Network (LAN)

 කුඩා භුමි ප්‍රදේශයකට සේවා සපයන ජාල මෙම ගණයට අයත් වේ.
Ex:  Small home network , Business , a Computer lab


Wide Area Network (WAN)

පුළුල් භූගෝලීය ප්රදේශයක් හරහා වෙනත් ජාලවලට ප්රවේශය ලබා දීමට භාවිත වන network infrastructure එකක් , විදුලි සංදේශ සේවා සැපයුම්කරු (telecommunications service provider) විසින් සාමාන්යයෙන් හිමිකාරීත්වය දරනු ලබයි.


Metropolitan Area Network (MAN)

LAN වලට වඩා විශාල එහෙත්  WAN වලට වඩා කුඩා භෞතික ප්රදේශයක් ආවරණය network infrastructures මෙම ගණයට අයත් වේ .
උද : පුළුල් සමාගමක ජාලයක්  (large organization)



Wireless LAN (WLAN)

LAN එකකට සමාන නමුත්, කුඩා භූගෝලීය ප්රදේශයකදී රැහැන් රහිතව පරිශීලකයින් හා End Points එකිනෙක සම්බන්ධ කරයි.

Storage Area Network (SAN)


ගොනු සේවාදායකයන්ට (support file servers )සහාය දැක්වීම සඳහා දත්ත ගබඩා කිරීම, ලබා ගැනීම හා ප්රතිගුණනය (data storage, retrieval, and replication) සැපයීම සඳහා භාවිතාවන network infrastructures මෙම ගණයට අයත් වේ


තෙවන පාඩමෙන් හමුවෙමු ...

අපිත් සමග දිගටම රදීසිටින්න ,

Like Us on  Facebook  
EASY TRICK

easytks@gmail.com

පුංචි ඉල්ලීමක් තියනවා යාලුවනේ අපිව subscribe කරන්න අමතක කරන්න එපා.

Please Subscribe on Youtube 


Comments

Popular posts from this blog

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Assigned Names an

Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද ?

         අද EasyTricks තුලින් අපි ඉගන ගන්න යන්නේ Windows Registery එක පාවිච්චි කරල Computer එකේ වෙනස්කම් කරන්නේ කොහොමද කියන එක ගැන. ඊට කලින් කියන්නම්කො Windows Registery  එක කියන්නේ මොකක්ද කියලා. Registery එක කියන්නේ Computer එකේ හදවත වගේ කිව්වොත් මම හිතන්නේ මම නිවැරැදි , මොකද එතනින් පුලුවන් computer එකේ ගොඩක් වෙනස්කම් කරන්න. ඔයාට වෙන කිසිම තැනකින් කරන්න බැරි දේවල් ගොඩක් මෙතනින් කරන්න පුලුවන්. Registery එක හැදිල තියෙන්නේ Hierarchy එකකට අනුව යි. ප්‍රධාන වශයෙන් sections පහක් තියෙනවා ඒ යටතේ sub categories ගොඩක් අතුලේ Settings දසදහස් ගානක් තියෙනවා. ඔයාල ට GUI (Graphical  User Interface ) ඒකේ නොපෙන්නන Advanced  settings  ගොඩක් තියෙනවා ඒවගෙ වෙනස්කම් කරනහැටි දැනගන්න එක ගොඩක් වටිනාකමක් තියෙනවා. මේ පාඩම ගැන වැඩි විස්තර සදහා පහත Vedio එක බලන්න Registery එකේ ප්‍රධාන sections පහක් ගැන මම කිව්වනේ, ඒවා  හදුන්වනු ලබන නම තමා "Hives" අපි බලමු ඒ මොනාද කියලා.. Microsoft ල කියන ව්දියට Hive එකක් කියන්නේ... "A hive is a logical group of keys, subkeys, and values

How To Make Changes In The Computer Using Windows Registry ?

             Today through EasyTricks we're going to learn how to use the Windows Registry and how to make changes in the computer. Before that I'll tell you what Windows Registry is. Registry is like the heart of the computer, I think I'm correct, because there's a lot of things can do on the computer using registry. You can do a lot of things that you can not do elsewhere. The registry is based on a Hierarchy. There are five sections in the main. There are tens of thousands of sub-categories in a lot of sub categories. There are many advanced settings that do not appear in the graphical user interface. It's important to know about those settings. For more information about this lesson, see the Video  below Five main sections of the registry, are called  "Hives". According to Microsoft,  "A hive is a logical group of keys, subkeys, and values in the registry that has a set of supporting files containing backups of its dat