Skip to main content

Posts

Showing posts from March, 2018

The Internet (අන්තර්ජාලය) 3 වැනි පාඩම

The Internet (අන්තර්ජාලය)  අන්තර්ජාලය යනු ලොව පුරා ඇති පරිගණක ජාල එකිනෙක සම්බන්ද (interconnect) කරමින් සැදුම් ලත් පරිගණක ජාල එකතුවකි. අන්තර් ජාලය කිසියම් පුත්ගලයකුට හෝ ආයතනයකට හෝ පාර්ශවයකට අයිති නැහැ. කෙටියෙන්ම කියනවනම් internet එකට අයිතිකාරයෙක් නෑ .නමුත් ලෝකයේ හැමතැනම එකම විදියට නැහැනේ, එක එක අය එක එක විදියේ දේවල් කරනවා වෙනස් වෙනස් උපාංග,ප්‍රමිතීන් භාවිතා කරනවා. හිතන්නකෝ ඇමරිකාව Cisco පාවිච්ච් කරද්දී චීනයේ අය Huawei පාවිච්චි කරනවා කියලා ඉතින් මේ companies දෙකම පොදු එකගතාවක් තිබුනේ නැත්තම් එයාල හදන උපකරණ අතර communicate කරන එක අපහසු වෙන්න පුළුවන්. විවිධාකාර යටිතල පහසුකම් හරහා ඵලදායී සන්නිවේදනය තහවුරු කිරීම සඳහා ස්ථාවර හා පොදු පිළිගත් තාක්ෂණයන් හා ප්රමිතීන් අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් අන්තර්ජාල ක්රියාවලි වල ව්යුහය සහ ප්රමිතිකරණය( helping to maintain structure and standardization of Internet protocols and processes ) පවත්වා ගෙන යාම සඳහා  ලෝකෙම පිළිගත්තු ආයතන සෙට් එකක් ඉන්නවා, Internet Engineering Task Force (IETF),  Internet Corporation for Assigned Names an