Skip to main content

Posts

Showing posts from February, 2018

Introduction to Networks - Network Representations

Network Representations ජාලවල රූප සටහන් (Network Diagrams)  ඇදීමේදී ජාලයක් නිර්මාණය කරන විවිධ උපාංග (device and components) සහ සම්බන්දක (media)  නියෝජනය කිරීම සදහා බොහෝ විට සංකේත භාවිතා කරයි. විශාල ජාලයක් සම්බන්ධ වන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ජාලවල රූප සටහන් (Network Diagrams)  විශාල පහසුවක්. මේ වගේ network එකක පින්තුරයක් topology diagram එකක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙම නිරූපණයන්ට අමතරව, මෙම එක් එක් උපකරණ සහ මාධ්ය එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කිරීමේදී විෙශේෂිත පාරිභාෂිතයන් (specialized terminologies) භාවිතා කරනු ලබයි. මතක තබා ගැනීමට වැදගත් පද: • Network Interface Card NIC, හෝ LAN ඇඩප්ටරය, පරිගණකයේ හෝ වෙනත් අවසාන උපාංගයක ජාලයට සම්බන්ධතාව සපයයි.  පරිගණකය සම්බන්ධ කර ඇති ජාලයට සම්බන්ධ කරන මාධ්යය (උදා: UTP cable එකක්), NIC එකට කෙලින්ම සම්බන්ධ කල යුතු වේ. Physical Port මාධ්ය සම්බන්ධක උපාංගයක් .රුපයේ පෙන්නලා තියන USB සහ LAN/WAN port දිහා බලන්න. ඔයාල network cable එක plug කරන තැන තම physical port කියන්නේ.මෙතනphysical කියන එක වැදගත් මොකද අපි තව

Google වලින් පින්තුර හොරකමේ ගිහිනුත් ඉවරයි

ඉන්ටෙර්නෙට් කියන්නේ මොකද්ද ඇහුවොත් Google කියන අයත් අපි අතර ඉන්නවානේ. ඒ කියන්නේ  Google  ඒ තරම්ම අපිට සමීප වෙලා ඉවරයි. Google පාරිබෝගිකයින්ට එයාල ලබල දෙන  Services ගොඩාරියක් තියනව, ඒවා ගැනනම් අද කියන්නේ නැ. අද මම කියන්නේ මෙච්චරකල් තිබිල මේ ලගකදි අයින් කරපු google feature එකක්ගැන.  Google සහ Getty Images යන ආයතන  multi-year global licensing partnership එකකට ඇතුළත් වෙලා සතියකට පස්සේ , ගූගල් සෙවුම් වේදිකාවේ (image search platform ) තියන  ' view image ' බොත්තම ඉවත් කරල තියනවා . ඒ වෙනුවට, පින්තූර අසළ ඇති නව විකල්පයන් ලෙස , සංචාරය, බෙදාගැනීම සහ සුරැකීම (Visit, share and save)කියල බොත්තම් ඇතුලත් කරලා තියනවා. මේ වනකම්ම, රූපයේ රූපය මත ක්ලික් කිරීම මගින් රූපය විවෘත කරගත හැකි අතර වෙබ් අඩවියට පිවිසීමට වෙනමම බොත්තමක් තිබුනා. දැන්, පිංතූරයේ රූපය හෝ 'visit' බොත්තම ක්ලික් කරන විට,රූපය දර්ශණය වන වෙබ් අඩවිය වෙත පරිශීලකයා යොමු කරනවා. මෙම වෙනස්කම් මගින් මූලාශ්රය (source) සහ හිමිකම් (copyright information ) පිළිබඳ තොරතුරු ගැන පරිශීලකයා දැනුවත් වේවි කියන එකතමා බලාපොරොත්තු වෙන්නේ.

CCNA R & S Introduction To Networks

Introduction To Networks   ජාලකරණට   හැඳින්වීමක් 1.     පරිගණක ජාලයක්  යනු කුමක්ද ? පරිගණක ජාලයක් යනු පුළුල් පරාසයක පරිශීලකයන් අතර ( wide range of users ) සන්නිවේදනය සහ සම්පත් බෙදා හැරීම (  resource-sharing ) සඳහා සන්නිවේදන නාලිකා හරහා සම්බන්ධ කරගත් පරිගණක පද්ධති සහ වෙනත් පරිගණක දෘඩාංග උපාංග සමූහයකි. ජාල සංරචක (Network Components) පරිගණක ජාලයක  යටිතල ව්යුහය ( network infrastructure ) කාණ්ඩ තුනකින් සමන්විත වෙනවා. සරලවම කිව්වොත්   Computer network එකක් කොටස් තුනක් යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්.                     ඒවා නම් , ·          Devices   (උපාංග) ·          Media   (මාද්‍ය) ·          Services (සේවා) උපාංග සහ මාධ්ය (Devices and Media ) ජාලයේ භෞතික කොටස් හෝ දෘඩාංග ලෙස හදුනාගන්න පුළුවන් . දෘඩාංග ( Hardware ) නිතරම පරිගණක   ජාලයේ දෘශ්ය (ඇසට පෙනන ) සංරචක වේ. උදාහරණ Services  (සේවා) පාරිබෝගිකයන් විසින් එදිනෙදා භාවිතා කරන පොදු ජාල යෙදුම් ( common network applications ) ජාල   සේවාවන් ලෙස හැදින්න පුළුවන්. උදාහරණ

CCNA Routing and Switching

CCNA   Routing And Switching   පාඩම් මාලාවට යාළුවො හැමෝම   සාදරයෙන් පිළිගනු ලබනවා. මුලින්ම කියන්න ඕන මේ පාඩම් මාලාව සකස් කරන්න හේතුව. ඇත්තටම අපේ රටේ ගොඩක් අයට English වලින් තියන දේවල් තේරුම් ගන්න   අමාරුයි කියල අහන්න ලැබෙනවනේ. එක නිසා ගොඩක් අය English වලට අකමැති වගේම එන්ග්ලිෂ් වලින් උගන්වන අනිත් විෂයන් දිහා උනත් බලන්නේ වැරදි කෝණයකින්. ඇත්තටම එක ගොඩක් වැරදි වගේම English හදාගත්තේ නැත්තම් ලෝක අමාරුවක වැටෙන්නයි වෙන්නේ .දැන් ඔයාල හිතනවා ඇති CCNA පෙන්නලා English   Class එකක් කරන්න යනවා කියලා. ඉතින් තවත් කාලේ ගන්නේ නැතුව CCNA වලට බහිමුකො එහෙනම්.. මුලින්ම මම CCNA ගැන පොඩි හැදින්ව්මක් කරන්නම්කො. 1.        ඇත්තටම මොකක්ද මේ CCNA? CISCO CERTIFIED NETWORK ASSOCIATE   එහෙමත් නැත්නම් CCNA කියල හදුන්වන්නේ Cisco ආයතනය විසින් පිරිනමනු ලබන තොරතුරු සන්නිවේදන තාක්ෂන ( Information and   Communication Technology) විෂයට අදාළ   සහතිකයක් . ඇත්තටම කිව්වොත් CCNA කියන්නේ , නමේම තියනවා වගේ associate - level එකේ සහතිකයක්. 2.        එතකොට තවත් ලෙවල් තියනවද? අපොයි ඔව්,   CCNA   ක